Sunday, May 6, 2012

හෙළ ජන ගී

"හෙළ ජන ගීය" ලිපි පෙළ ආරම්භය 


ජන ගී ඔබ අප කොයි කවුරුත් අසා ඇතුවාට සැකයක් නැත. අප ජන ගී ශ්‍රවනය කිරීම ආරම්භ කරන්නේ මව් තුරුලේ සිටියදී පටන්ය. මවක් තම දරුවා නැලවීමට ගයන දරු නැලවිලි ගී ද ජන ගී වලට අයත් වේ. ජන ජීවිතයට ඉතා සමීප සම්බන්ධ කමක් ඇති ජන ගී පිලිබඳ තොරතුරු ඇසුරින් මෙම ලිපි පෙළ සැකසීමට අදහස් කර සිටිමි.


ජනශ්‍රැතියේම එක් අංගයක් වන ජන ගීයට ඉතා ඈතට දිවෙන ඉතිහාසයක් ඇත.එය මුඛ පරම්පරාවෙන් පැවත ඒමේදී බොහෝ වෙනස් කම් වලට බඳුන් වී ඇත. ජන ජීවිතයට ඉතා සමීප ජන ගීය තුලින් ජනයාගේ ජීවන රටාව පිලිබඳ බොහෝ තොරතුරු පිලිබඳ අධ්‍යයනය කළ හැක.


ජන ගී, ජන සංගීතය පිලිබඳ උගත් තොරතුරු ඇසුරින් මෙම ලිපි පෙළ සැකසීමට අදහස් කරමි. මෙමගින් හෙළ ජනගීය පිලිබඳ වැඩිදුර තතු හෙළි කිරීමට හා එහි අනන්‍යතාවය මෙන්ම විශේෂත්වයද දක්වාලීමට උත්සහ දරමි.මෙහි සාර්ථකත්වය උදෙසා වැඩි දුර කරුණු මෙන්ම, අදහස්, යෝජනා,චෝදනා ද ඉදිරිපත් කරන මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.


බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදා  ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන


පෙරයම බුද්ධං සරණේ  ගඤ්ඤයි
මජ්ඣිම ධම්මං සරණේ  ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ  ගඤ්ඤයි
තුන් යමටම තුන් සරණේ  ගඤ්ඤයි


සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි 
සරණයි සරණයි සංඝං සරණයි 
සරණයි සරණයි මේ තුන් සරණයි 


ඔන්න එහෙනම් තෙරුවන් ගුණ සිහි කරන ජන ගීයකින් ම පටන් ගත්තා!


තෙරුවන් සරණයි !!!

4 comments:

  1. මුලින්ම ජනගී වර්ගීකරනය පිළිබද හැදින්වීමක් කලොත් නරකද ?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ පොඩි හැඳින්වීමක්, ඉදිරියේදී වැඩි විස්තර බලාපොරොත්තු වන්න

    ReplyDelete
  4. ප්‍රසා...:)May 17, 2012 at 10:47 AM

    මුලු හදින් සුභ පතමි
    ඔබේ උත්සාහයට
    හෙල ජනකවිය
    මතකයේ රදන්නට

    ReplyDelete