හෙළ ජන ගීය පිළිබඳව සටහන් කෙරෙන ලිපි මාලාවේ පසුගිය ලිපියෙන් ජන ගීයෙහි මූලාරම්භය පිළිබඳව සටහන් කලෙමි. මෙම සටහනින් ජන ගීයෙහි ඇති විශේෂ ලක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කලෙමි.
ගැමි ගීයෙහි නැතහොත් ග්‍රාමීය සංගීතයෙහි ප්‍රභවය, ව්‍යාප්තිය, පැවැත්ම. පරිශීලනය, ආදී කරුණු සලකා බලන කල්හි එය ගැමියා විසින් ගැමියා සඳහා සකසා ගන්න ලද ගැමියා විසින්ම කාලෝචිත හා අවස්ථාවෝචිත ලෙස වෙනස් කරමින් රැක ගනු ලබන ගී නැතහොත් සංගීතය ලෙස හඳුනා ගත හැක. මෙහිදී ගැමියා ලෙස අදහස් කරනුයේ මානසික වර්ධනය විධිමත් පුහුණුවකින් හෝ අධ්‍යාපනයකින් සැකසුන ය නොව ස්වභාවික පරිසරයත්, සාමාජීය සහජීවනයත්, ජීවිතයේ දුක, සතුට මුහුණ පෑමෙන් ලබන අත්දැකීම් වලින් අධ්‍යාපනය සැලසුන ය වෙති. ඔවුන් ක්‍රමවත් අධ්‍යාපනයක් නොලද්දෝය. නමුත් ඔවුන් අඥානයෝ නොවෙති. ඔවුහු බොහෝ දැනුම කුසලතාවන්ගෙන් හෙබි පුද්ගලයෝ වෙති.
ග්‍රාමීය සංගීතය මුඛ පරම්පරානුසාරයෙන් ව්‍යාප්ත වූ සංගීතයකි. ජන ගී පිලිබඳ පුළුල් පර්යේෂණ කර හෙළ ගී මග නම් වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කල ඩබ්.බී.මකුලොලුව මහතා ජන ගී සම්ප්‍රදාය හැඩගස්වන කරුණු පහත දැක්වෙන ලෙස සඳහන් කරයි.
− වර්තමානය අතීතය සමඟ සම්බන්ධ කරන අඛණ්ඩ පැවැත්ම.
− පුද්ගලයෙකු හෝ සමුහයාගේ නිර්මාණ කුසලතාවයෙන් ඇති වෙන විවිධත්වය.
− සමාජය විසින් තෝරා පිළිගැනීම
1. විධිමත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් නොලත් උගතුන් හා සමීප ආශ්‍රයක් නොමැති ක්‍රමවත් අධ්‍යාපනයක් නොලත් පොදු ජනයා අතින් පද මාලාව හා නාද මාලාව නිර්මාණය වීම
2. පොදු ජනයාගේ සිතුම් පැතුම් ඇදහිලි ජනකතා ඓතිහාසික සිදුවීම් ජීවන වෘත්තීන් ජීවිතය පිලිබඳ අත්දැකීම් විශ්වාසය ආදී කරුණු ගැමි ගීයෙහි ප්‍රස්තුතය වීම
3. පොදු ජනයා විසින් සාමුහිකව පිළිගනු ලැබීම. ඔවුන් අතර ව්‍යාප්ත වීම හා මුඛ පරම්පරාවෙන් ව්‍යාප්ති වීම
4. අවස්තනුරූපව, කාලෝචිත ලෙස ප්‍රාදේශීය වශයෙන් පද මාලාව හා නාද මාලාව යන දෙඅංගයම වෙනස් වීමෙන් එහි රක්ෂණය සැලසීම
5. කිසියම් කාර්යයකට අදාළ වීම
6. වෙනස් වෙමින් එන අඛණ්ඩ පැවැත්මෙන් එහි සාම්ප්‍රදායක ශෛලිය සැලසීම
7. නිර්මාපකයා හෝ රචකයා නිර්නාමික වීම
හෙළ ජන ගීය පිලිබඳ තවත් ලිපියකින් නැවත හමුවෙමු.
~මතු සබැඳි ~
~මතු සබැඳි ~
~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~ ~~

වැදගත් ලිපියක්!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete