Monday, April 30, 2012

ගුරුවරයෙකුට අයැදුමක් !


ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා,  

සිය පුතණුවන්ගේ ගුරුවරයාට කළ අයැදුම


දයාබර ගුරුතුමනි! ඔබේ සෙවනේ රැඳෙන මගේ පුතනුවන්ට,


සර්ව සාධාරණ නොවන වංක දුර්ජන මිනිසුන් අතර වීරයින්ද, 
ආත්මාර්ථකාමී දේශපාලකයින් අතර මහත් කැපවීමෙන් කටයුතු කරන 
නායකයින්ද ඇති බව;


සතුරන් අතර මිතුරන් ඇති බව;


පරාජය පිළිගැනීමටත් ජයග්රහණයෙන් සතුටු වීමටත් හැකි බව;


සිනහවේ රහස හඳුනාගැනීම වැදගත්බව;


පොතපතෙහි අරුමයද, විහඟුන්,මීමැස්සන්,හිරු කැන් හා කඳු යායක, 
වන පියසක පොපියන මලින් සුසැදි සොබා අසිරියද 
නෙත සිතට හුරු විය යුතු බව;


අසමත්වීම වංචාකාරීව සමත්වීමකට වඩා වටිනා බව;


සෙසු සියල්ලන් වැරදි ලෙස දකින සිය සාධාරණ අදහස් පිළිබඳව 
විශ්වාසී විය යුතු බව;


මොළොක් මිනිසුන් අබියස මොළොක් වී රළු මිනිසුන් අභියස 
ගලක් විය යුතු බව;


කඳුලක් මතු වීම නින්දාවට කරුණක් නොවන බව හා දුකෙහි කනගාටුවෙදීද 
සිනහවටත් ඉඩ ඇති බව;


සිය ශක්තියට බුද්ධියට වැඩිමිල ලන්සුවක් තැබිය යුතු බව සහ 
හදවතට ආත්මයට කිසිදු මිලසටහනක් නොතැබිය යුතු බවට;


කෑ මොර දෙන්නවුන්ට දෙසවන් යොමු නොකර කෙලින් සිටිය යුතු බව;


 උගන්වන්න 


වානේ වන්නට ගින්නේ අත්දැකීම් අවශ්යය ඔහුට මොලොක්ව සලකන්න එහෙත් 
පමණට වඩා සුරතල් නොකරන්න;


ආත්මවිශ්වාසය ඉහල දැමීමෙන් මිනිස් සංහතියට ඔහු තුල විශ්වාසය වඩවන්න;


දයාබර ගුරුතුමනි, ලැයිස්තුව ඉතා දිගුය, 
එහෙත් මේ සියල්ල ඔබටකල හැකි දේය. 
 මපුතනුවන් තවමත් ළපටි මනුෂයකු වන හෙයිනි !

--------------------------------------------------------------------------------------------------------------

පරිවර්තනය - වෛද්‍ය  ශාන්ත හෙට්ටිආරච්චි 

(උපුටා ගැනීමකි)


1 comment:

  1. අපේ පාලකයෝන්ටත් ආදර්සේට ගන්නවානම් ඔන්න නායකයෝ......

    ReplyDelete